ප්‍රධාන content එකට යන්න
  • Home
  • සියලුම services බලන්න →
  • Packages
Loginමගේ projects Quote එකක් ගන්න
  1. Home
  2. Terms

Terms

Hexora එක්ක වැඩ කරද්දී දෙපැත්තටම පැහැදිලි වෙන්න ඕන සරල නීති. Account එකක් හදන්න කලින් මේක කියවන්න.

Quote සහ ගෙවීම

  • Site එකේ පෙන්නන price සහ estimate එක ආසන්න එකක්. අන්තිම price එක project එකේ විස්තර දැනගත්තට පස්සේ call එකෙන් / chat එකෙන් තහවුරු කරනවා.
  • Mobile app, website, backend, AI සහ maintenance packages වල price එක fixed LKR, dollar rate එකට වෙනස් වෙන්නේ නෑ. Logo, design සහ video items USD වලින් ගණන් බලලා ඒ දවසේ dollar rate එකෙන් LKR වලට හරවනවා.
  • Project එක පටන් ගන්න advance එකක් ගෙවන්න ඕන (site එකේ පෙන්නන පරිදි, දැනට 50%). ඉතුරු ගෙවීම project එක බාර දෙන්න කලින්.
  • Google Play / Apple App Store developer fees, domain සහ hosting වගේ තුන්වෙනි පාර්ශවවල ගාස්තු price එකට ඇතුළත් නෑ.

වැඩේ සහ revisions

  • කාලය (සති / දවස්) තියෙන්නේ ඇස්තමේන්තුවක්. ඔයා content, files සහ feedback ඉක්මනට දෙන එක ඒකට බලපානවා.
  • Design සහ video වැඩ වලට ඉල්ලන ගණනට revisions දෙනවා. ඊට වැඩියෙන් වෙනස්කම් ඕන නම් අමතර ගාස්තුවක් වෙන්න පුළුවන්. කලින් කියනවා.
  • Project එක බාර දීලා දවස් 30ක් (මාසයක්) free bug fixes දෙනවා, agreed scope එකේ deliver කරපු features වල bugs වලට. අලුත් features, redesigns, hosting management ඒකට අයිති නෑ.
  • Maintenance & Hosting plans වල price එක Hexora ගේ මාසික service fee එක විතරයි, මාසය පටන් ගද්දී 100% prepaid, cancel කරන්න දවස් 30 notice, unused edits / triages ඊළඟ මාසෙට යන්නේ නෑ. Hosting, VPS, cloud usage, backups, domain, plugins, gateway fees ඔයාගේ. Business-hours support; uptime / restore guarantee එකක් නෑ.
  • Mobile app, website, backend / admin සහ AI packages වල price එක development charge එක විතරයි. Firebase / database usage, hosting, domain, payment gateway (PayHere) fees, SMS / OTP, Google / Apple developer accounts, store publishing සහ third-party software fees ලිඛිතව itemize කරලා නැත්නම් ඒවා customer ගේ (ඔයාගේම accounts වලින්).

Files සහ අයිතිය

  • සම්පූර්ණ ගෙවීම ඉවර වුණාම final files (source code, logo files, video project files) ඔයාට බාර දෙනවා.
  • ඔයා දෙන logos, photos, texts, music වලට අවසර තියෙන්නේ ඔයාට බව ඔයා තහවුරු කරනවා. අපි තුන්වෙනි අයගේ content අවසරයක් නැතුව පාවිච්චි කරන්නේ නෑ.
  • අපේ වැඩ portfolio එකේ පෙන්නන්න ඕන නැත්නම් කලින් කියන්න.

Refund

ආපසු ගෙවීම් (refund) ගැන තීරණය කරන්නේ project එකේ තත්වය අනුව, එක් එක් අවස්ථාව බලලා. වැඩ පටන් ගත්තට පස්සේ ගෙවපු advance එක වැඩ කරපු කොටසට ගිහින් නම් ආපසු නෑ. මේ ගැන ඕන දෙයක් project එක පටන් ගන්න කලින් අහන්න.

වගකීම

අපි හොඳම මට්ටමින් වැඩ කරනවා, ඒත් app එකක් / website එකක් කිසිම අඩුපාඩුවක් නැතුව, නිරන්තරයෙන් වැඩ කරන බවට සහතිකයක් දෙන්න බෑ. අපේ වගකීම ඒ project එකට ඔයා ගෙවපු මුදලට සීමා වෙනවා. Google, Apple, hosting companies වගේ තුන්වෙනි පාර්ශවවල අඩුපාඩු වලට අපි වගකියන්නේ නෑ.

Account සහ site එක

  • ඔයාගේ PIN එක ආරක්ෂා කරගන්න. ඒක වෙන කාටවත් කියන්න එපා. PIN එක අමතක වුණොත් අපි ඒක ඔයාගේ account එකේ phone number එකට WhatsApp කරනවා.
  • Site එක අනිසි විදියට පාවිච්චි කරන්න එපා (spam, අනිත් අයගේ data බලන්න උත්සාහ කිරීම). එහෙම කරන account / chat මකන්න අපිට පුළුවන්.
  • ඔයාගේ data ගැන Privacy පිටුවේ තියෙනවා. Account එක ඕනම වෙලාවක ඔයාගේ Settings එකෙන් මකන්න, data බාගන්න පුළුවන්.
  • මේ terms වෙනස් කළොත් මේ පිටුවේ අලුත් දිනය දානවා.

අන්තිමට update කළේ: 2026 ඔක්තෝබර්.

ලංකාවේ business වලට apps, websites, systems, designs සහ videos හදන team එක. හැම package එකකම මිල කලින්ම කියනවා.

Quote එකක් ගන්න WhatsApp කරන්න

Services

  • Mobile Apps
  • Websites
  • Backend & Admin
  • AI & Automation
  • Logo & Branding
  • Video Editing

Hexora

  • Packages & prices
  • වැඩ කරන විදිය
  • FAQ
  • Login / Register
  • මගේ projects

Contact

  • WhatsApp: 070 630 5377
  • Call: 070 630 5377
  • Email: teamhexoramain@gmail.com
  • Facebook
  • YouTube

Legal

  • Privacy
  • Terms
© 2026 Hexora. All rights reserved. Build · Code · Innovate
Home Quote Packages LoginAccount

Services

සියලුම services බලන්න →
WhatsAppCall