ප්‍රධාන content එකට යන්න
  • Home
  • සියලුම services බලන්න →
  • Packages
Loginමගේ projects Quote එකක් ගන්න
  1. Home
  2. Privacy

Privacy

මේ site එක ඔයාගෙන් ගන්නේ මොන data ද, ඒවා තියෙන්නේ කොහෙද, කවුද බලන්නේ කියලා සරලව කියනවා.

අපි ගන්න data

  • Project request form එක: ඔයාගේ නම, WhatsApp number එක, email (optional), business නම (optional), project එකේ විස්තර සහ estimate එක.
  • Account එකක් හදනවා නම්: නම, phone number එක සහ ඔයා තෝරගත්ත PIN එක. PIN එක login password එක විදියට Google Firebase Authentication එකේ තියෙනවා. PIN එක අමතක උනොත් ආයෙත් පෙන්නන්න පුළුවන් වෙන්න PIN එකේ copy එකකුත් අපේ database එකේ තියෙනවා (Hexora admin ට විතරයි පේන්නේ).
  • Chat: Project chat එකේ සහ site එකේ green chat button එකේ ඔයා යවන messages, photos, voice messages. Login නැතුව chat කරනවා නම් නම සහ phone number එකත්, ඔයා chat කරපු page එකේ නමයි device එකේ වර්ගයයි (උදා: Android · Chrome) සේව් වෙනවා.
  • ඔයාගේ browser එකේ: login එක, project form එකේ draft එක, chat එකේ "කියවලා" තත්වය, dollar rate එකේ copy එකක්. මේවා තියෙන්නේ ඔයාගේ phone / computer එකේ විතරයි. Logout වුණාම හරි browser data clear කළාම හරි මැකෙනවා.

Data තියෙන්නේ කොහෙද

Google Firebase (Firestore database සහ Authentication) එකේ. ඒක Google ගේ servers වල. Site එකේ analytics හරි ads හරි tracking cookies හරි නෑ. Fonts (Manrope, JetBrains Mono, Noto Sans Sinhala, SIL Open Font License, නොමිලේ පාවිච්චි කරන්න අවසර ඇති) site එකෙන්ම load වෙනවා (Google ට request එකක් යන්නේ නෑ), dollar rate එක open.er-api.com එකෙන් ගන්නවා (මේ දෙකටම ඔයාගේ personal data යන්නේ නෑ, සාමාන්‍ය browser request එක විතරයි).

කවුද බලන්නේ

  • ඔයාගේ project එකේ details සහ chat එක බලන්න පුළුවන් Hexora admin ට සහ (account එකට link කරලා නම්) ඔයාට විතරයි.
  • වෙන customers ලාට ඔයාගේ data පේන්නේ නෑ. Chat link එක (login නැති chat) දන්නේ ඒක පටන් ගත්ත browser එක විතරයි.
  • අපි ඔයාගේ data විකුණන්නේ නෑ, තුන්වෙනි අයට දෙන්නෙත් නෑ. WhatsApp / Email button එකෙන් ඔයා එවන request එක ඒ apps වලටත් යනවා.

Cookies සහ tracking

මේ site එකේ analytics, ads, tracking cookies හෝ තුන්වෙනි පාර්ශවවල scripts නෑ. ඒ නිසා cookie banner එකකුත් නෑ. Login එක සහ draft එක ඔයාගේ browser එකේම (local storage) තියෙනවා, ඒවා අපේ site එකෙන් පිටතට යන්නේ නෑ.

කොච්චර කල් තියාගන්නවාද

  • Account එක: ඔයා මකන තුරු. ඔයාගේ Settings එකෙන් ඕනම වෙලාවක මකන්න පුළුවන්.
  • Projects සහ ගෙවීම් වාර්තා: වැඩේ බාර දීලා ව්‍යාපාරික වාර්තා විදියට තියාගන්නවා. මකන්න ඉල්ලුවොත් මකනවා (නීතියෙන් තියාගන්න ඕන දේවල් හැර).
  • Login නැති chat: ඔයා ඉල්ලුවොත් මකනවා. අපි කලින් කලට පරණ ඒවා මකනවා.

ඇයි මේවා ගන්නේ

ඔයා එක්ක සම්බන්ධ වෙලා, project එක ගැන quote එකක් දීලා, වැඩේ කරලා, ඊට පස්සේ support දෙන්න. වෙන කිසිම දේකට නෙවෙයි.

ඔයාගේ අයිතිය

Account එකක් තියෙනවා නම්, Settings එකෙන් ඔයාගේ data බාගන්න (JSON file එකක්) සහ account එක මකන්න පුළුවන්. මකද්දී login එකයි profile එකයි මැකෙනවා. Project වාර්තා ඉල්ලුවොත් අපි මකනවා.

ඔයාගේ data බලන්න, හදන්න, මකන්න ඕන නම් WhatsApp එකෙන් හරි email එකෙන් හරි කියන්න (070 630 5377 · teamhexoramain@gmail.com). Project එකක් ඉවර වෙලා කාලයක් ගියාම chat එකයි request එකයි මකන්නත් අපිට කියන්න පුළුවන්.

⚠ Account PIN එක බැංකු / phone PIN එකක් වෙන්න එපා. මේ site එකට විතරක් අලුතෙන් හදපු එකක් use කරන්න.

අන්තිමට update කළේ: 2026 ඔක්තෝබර්.

ලංකාවේ business වලට apps, websites, systems, designs සහ videos හදන team එක. හැම package එකකම මිල කලින්ම කියනවා.

Quote එකක් ගන්න WhatsApp කරන්න

Services

  • Mobile Apps
  • Websites
  • Backend & Admin
  • AI & Automation
  • Logo & Branding
  • Video Editing

Hexora

  • Packages & prices
  • වැඩ කරන විදිය
  • FAQ
  • Login / Register
  • මගේ projects

Contact

  • WhatsApp: 070 630 5377
  • Call: 070 630 5377
  • Email: teamhexoramain@gmail.com
  • Facebook
  • YouTube

Legal

  • Privacy
  • Terms
© 2026 Hexora. All rights reserved. Build · Code · Innovate
Home Quote Packages LoginAccount

Services

සියලුම services බලන්න →
WhatsAppCall